මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට ඉතා ආශාවෙන් ඇස් දල්වා සිටින එහෙත් හදිසියේ දරුණු පිළිකා රෝගී තත්ත්වයකට මුහුණදී සිටින තරුණ දියණියක පිළිබඳ පුවතක් හොරණ කහතුඩුව ප්‍රදේශයෙන් "අද"ට වාර්තා විය.
වයස අවුරුදු 16 ක් පමණ වන තිළිණි.ආර්. විජේසිංහ දියණිය දැනට මාසයක පමණ කාලයක සිට ලියුකේමියා AMLM4 රෝගයෙන් පෙළෙමින් සිටී.
මේ වනවිට මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඇයට දිනක ප්‍රතිකාර සඳහා රුපියල් 24,000 පමණ වැය වේ.
ඇගේ මව සිය දියණිය පිළිබඳ අපට මෙසේ පැවසීය,
“දරුවාට දින තුනක් පමණ සෙම හැදිලා තිබුණා. ඊට පස්සෙ සෙම ගොඩාක් වැඩි වුණා. අපි බෙහෙත් අරගෙන දුන්නා. ඒත් අඩු නැහැ. පස්සෙ අපි ලේ චෙක් කරලා බැලුවා. එතකොට දැනගත්තා දුවගේ ලේවල සුදු රුධිරාණු වැඩියි කියලා. දින කිහිපයක් තුළ සුදු රුධිරාණු 18,000 සිට 42,000 දක්වා වැඩිවෙලා තිබුණා. ඒ අනුව වෛද්‍යවරයා අපිට කිව්වා දරුවාට ලියුකේමියා රෝගී තත්ත්වයක් තියෙනවා මෙයාව මහරගම අරගෙන යන්න කියලා.
අපි දින පහක් ඇතුළත මේ දේවල් කළා. මේ වනවිට මාසයක් පමණ වෙනවා අපි රෝහලට පැමිණ. පළමු බෙහෙත් කෝස් එක අපි ඉවර කළා. දෙවැනි කෝස් එක දැන් පටන් අරගෙන තියෙනවා මේ දවස්වල. මේ ටික දවසට දරුවාගේ බෙහෙත්වලට ලක්ෂ 05 ක් විතර වියදම් වෙලා තියෙනවා. දරුවාගේ බෙහෙත්වලට අපිට දිනකට රුපියල් 24,000 ක් විතර වැයවෙනවා. එක දිගට මාස හයක් අපි රෝහලේ මේ විදියට සිටිය යුතුයි. ඉතින් ඉදිරි දිනවල ප්‍රතිකාර කටයුතු පිළිබඳව අපිට ගැටලුවක මුහුණපාලා ඉන්නවා. කැමතිම ඕනෑම කෙනෙකුට දරුවාව බලන්න පුළුවන්. මහරගම පිළිකා රෝහලේ 15 –B වාට්ටුවේ 26 ඇඳේ දරුවා ඉන්නවා*
මෙවර අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට මුහුණදීමට සිටින මෙම දියණියට ඔබට සිදුකළ හැකි උපකාරයක් වේ නම් එය ඉටුකරන ලෙස %අද^ අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙම අසරණ දැරිය වෙනුවෙන් මූල්‍යමය උපකාරයක් කිරීමට කැමති අයෙකු වෙතොත්
කේ.ජී.ඒ.කේ. රාජපක්ෂ යන නමින් පිළියන්දල මහජන බැංකු ශාඛාවේ ගිණුම් අංක 359200192914568 වෙත මුදල් බැරකළ හැකිය.
දු.ක - 0771851092