එංගලන්තයේ ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව අසළදී ඊයේ (22දා) සිදු වූ ඒකපුද්ගල ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙ ඇතුළු පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
මෙම සිදුවීම අතර තුළදී එංගලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ටොබියාස් එල්වූඩ් තියුණු ආයුධයකින් ප්‍රහාරයට ලක්ව අසාධ්‍යව සිටි පොලිස් නිලධාරියා බේරා ගැනීම සඳහා ප්‍රථමාධාර ලබාදෙන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් කර තිබේ.
බොහෝ දෙනෙකුගේ අවධානය මේ වෙත යොමුව ඇති අතර ඔහුගේ ක්‍රියාව වීර ක්‍රියාවක් බව ජාත්‍යන්තර මාධ්‍ය මේ පිළිබඳව තොරතුරු වාර්තා කරමින් සඳහන් කරයි.
මන්ත්‍රීවරයා හිටපු යුද හමුදා නිලධාරියෙකුද වෙයි. එසේම 2002 වසරේදී බාලි දූපත්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ඔහුගේ සහෝදරයෙකුට දිවි අහිම වී තිබුණි.
එංගලන්ත පාර්ලිමේන්තුව අසළ ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී මෙම මන්ත්‍රීවරයා ආරක්ෂක උපදෙස් නොතකමින් සිද්ධිය සිදුවූ ප්‍රදේශට ගොස් පොලිස් නිලධාරියාගේ දිවි බේරා ගැනීමට උත්සාහ දරා තිබේ.
ඒ පිළිබඳව අදහස් දක්වමින් එංගලන්ත මන්ත්‍රීවරු කිහිප දෙනෙකුම සිය ට්විටර් ගිණුම් හරහා ප්‍රකාශ නිකුත් කර තිබුණි. මන්ත්‍රී බෙන් හව්ලෙට් පවසන්නේ “ඔහු ඇත්තටම වීරයෙක්” යනුවෙනි.
ටිම් ෆැරොන් පවසන්නේ “අද ටොබියාස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් හොඳ නමක් දුන්නා” යනුවෙනි.