ලන්ඩනයේ තවත් ත්‍රස්ත ප්‍රහාරයක් - ජීවිත හානි


(UPDATE) මධ්‍යම ලන්ඩනයේදී පුද්ගලයන් 6 දෙනෙකුට මරු කැඳවමින් හා තවත් 48 දෙනෙකුට තුවාල සිදුකරමින් එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සඳහා පැමිණි ඉස්ලාමිය ජිහාඩ් ප්‍රහාරකයන් තිදෙනෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මධ්‍යධරණී කලාපයේ (සිරියාව ආදී රටවලින්) සම්භවයක් පෙන්නුම් කරන මෙම ත්‍රස්තයන්ගෙන් අයෙකු ආසනල් පාපන්දු කණ්ඩායමේ ටීෂර්ට් එකකින් සැරසී ප්‍රහාරයට පැමිණ තිබූ බව සිද්ධිය වූ අවස්ථාවේදී ගනු ලැබූ ඡායාරූපවලින් අනාවරණය වෙයි.

එමෙන්ම, මෙම ප්‍රහාරකයන් මරාගෙන මැරෙන බෝම්බ කට්ටලවලින් සන්නද්ධව ප්‍රහාරයට පැමිණ ඇති බවද මේ වනවිට අනාවරණය වී ඇති අතර, මුලින් සිය වෑන් රථයට මිනිසුන් යට කිරීමෙන් පසුව, තමන් වෙත පැමිණෙන පුද්ගලයන්ට අඩියක පමණ දිග පිහිවලින් ඉවක් බවක් නොමැතිව මොවුන් පහරදී ඇත්තේ ඉස්ලාමීය අන්තවාදයේ ම්ලේච්ඡත්වය තුළ ලන්ඩන් නගරය ලෙයින් තෙත් කරමිනි.


මධ්‍යම ලන්ඩනය ඉලක්ක කරමින් ජිහාඩ් අන්තවාදීන් පිරිසක් එල්ල කළ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 48 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.


මධ්‍යම ලන්ඩනයේ එල්ල වූ ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් හත් දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.

සෙනසුරාදා රාත්‍රියේදී (03දා) වෑන් රථයක් මධ්‍යම ලන්ඩනයේ පදිකයන් වෙත පදවමින් සහ පිහි පහර එල්ල කරමින් සිදුකර ඇති මෙම ත්‍රස්ත ප්‍රහාරය සමගම ආරක්ෂක අංශ කැඳවා ඇති බවත්, සිද්ධියෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මෙම වෑන් රථ ප්‍රහාරයෙන් පසුව එම වෑන් රථයෙන් පුද්ගලයන් හතර පස් දෙනෙකු බැස දිව ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. ඒ අනුව, මෙම ප්‍රහාරය සඳහා ත්‍රස්තවාදීන් පස් දෙනෙකු පමණ පැමිණි ඇති බව තහවුරු වන අතර, ඔවුන් මරාගෙන මැරෙන බෝම්බ කට්ටලවලින් සන්නද්ධව සිටි බවටද තොරතුරු ලැබෙමින් පවතී.

ලන්ඩන් නුවර කලඹමින් සිදුකර ඇති මෙම ප්‍රහාරයට පැමිණි ඉස්ලාමීය ජිහාඩ් ත්‍රස්තයන් ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී 'මේ අල්ලාහ් වෙනුවෙන්' යැයි කෑමොර දී ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

මධ්‍යධරණී කලාපයෙහි සම්භවයක් ඇති මෙම පුද්ගලයන් මධ්‍යම ලන්ඩනයේ ස්ථාන පහකදී ප්‍රහාර එල්ල කර ඇති අතර, ඔවුන්ගේ පළමු ප්‍රහාරය ලෙස ඔවුන් පදවාගෙන පැමිණි වෑන් රථයට ලන්ඩන් පාලම අසලදී පුද්ගලයන් 20 දෛනකු පමණ හප්පා ඇති බව වාර්තා වෙයි.

පසුව වෑන් රථයෙන් පිටතට පැමිණි ඔවුන් තමන් අත වූ අඟල් 12ක් පමණ දිග කිණිසි යොදා ගනිමින් තමන්ට හසුවන පුද්ගලයන්ගේ බෙලි කපමින්, පිහි ඇණුම් සිදු කරමින් ලන්ඩනය ලේ විලක් කර ඇති බවද විදෙස් වාර්තා පවසයි. එහිදි, පිහි රැගත් පුද්ගලයන් ලන්ඩනයේ අවන්හල් වෙත ගොස් එහි සිටි පුද්ගලයන්ටද පිහි ඇණුම් සිදුකර තිබේ.

මූලික වශයෙන් ලන්ඩන් පාලම මතදී පුද්ගලයෙකු මියගොස් සිටි බව වාර්තා වූ අතර, තවත් 20කට වැඩි පිරිසක් ලන්ඩනය පුරා රෝහල් 6ක් වෙත යැවූ බවද කියවුණි.

මේ අතර, තවත් එක් ත්‍රස්තවාදියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මෙහෙයුම් අරඹා ඇති බවත්, වෙඩි හඬ ඇසුණු බවත් සිද්ධිය ඇසින් දුටුවන් උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

මැන්චෙස්ටර් සංගීත ප්‍රසංගයේ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව සති දෙකක් යන්නට මත්තෙන් මෙම ප්‍රහාරය වාර්තා වී තිබේ. එමෙන්ම, මැන්චෙස්ටර් ප්‍රහාරයේ වගකීම භාරගත් ඉස්ලාම් රාජ්‍යයේ අයි.එස්. ත්‍රස්තයන් කියා සිටියේ ලන්ඩනය තුළ තවත් මෙවැනි ප්‍රහාර බලාපොරොත්තු විය යුතු බවයි.



Recommended Articles