ලංගමේ කාර්යාලීය කටයුතු නව තාක්ෂණයෙන් ඉදිරියට


ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම කාර්යාලීය කටයුතු නව තාක්ෂණය යොදාගෙන පරිගණක මගින් සිදු කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංගම සභාපති රමල් සිරිවර්ධන මහතා පවසයි.bd5256cf385a8487eda3244e67348f18_XL

මේ අනුව ලංගම ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රාදේශීය කාර්යාල වල සේවක සේවිකාවන් 1700කට වෘත්තීය පුහුණු අධිකාරිය මගින් පරිගණක කටයතු පිළිබඳ මාස 6ක පුහුණුවක් ලබාදී තිබේ. තවත් 1700කට මේ වසර තුළඑම පුහුණුව ලබාදීමට කටයුතු යොදා ඇතැයි සභාපතිවරයා පැවසීය.

කාර්යාලීය කටයුතු පරිගණක ගත කිරීම මගින් මහජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාගැනීමට හැකි වන බවද ඒ මහතා පැවසීය.



Recommended Articles