විශාලම කාෙක්න් තොගය හසුවෙයි


(UPDATE) 2016.07.22 9.19 AM

කොළඹ පෑලියගොඩ පිහිටි කන්ටේනර් අංගණයක තිබූ කන්ටේනරයක් තුළින් කොකේන් කිලෝග්‍රෑම් 274කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත් විය. සීනි ගෙන්වූ කන්ටේනරයක මෙම කොකේන් තොගය රැගෙනවිත් තිබෙන බවටද වාර්තා වේ. 

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් සොයාගත් විශාලතම කොකේන් තොගය මෙය වන අතර, මීට පෙර සීනි ගෙන්වූ කන්ටේනරයක තිබී ශ්‍රී ලංකා රේගුව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පසුගිය මස 14 වැනිදා කොකේන් කිලෝ 93ක් සොයාගනු ලැබිණ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායත් ඊයේ (21දා) දින සිදුකළ මෙහෙයුමට සම්බන්ධ වී තිබෙන අතර තවත් කන්ටේනර් 02ක් ඊයේ රාත්‍රිය වන විට පරීක්ෂා කිරීමටද නියමිතව තිබිණි.

අත්අඩංගුවට ගෙන තිබෙන කොකේන් තොගයේ වටිනාකම රුපියල් කෝටි 350ක් පමණ වන බවට වාර්තාවන අතර, පසුගිය මස 14 වැනිදා අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 92ක ප්‍රමාණයේ වටිනාකම රුපියල් කෝටි 120ක් බව ප්‍රකාශ විය.

මෙම කොකේන් තොගය මෙරට භාවිතයට ගෙන එන ලද්දක්ද? නොඑසේ නම් වෙනත් රටකට ප්‍රති අපනයනය කිරීම සඳහා ගෙනඑන ලද්දක්ද යන්න හෙළිකර ගැනීම සඳහා සහ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ පැවැත්වෙයි.

0 01 image-0-02-01-e6c50eaa0f980ae3342c37fe3cc26c78b38fe72c693c22d8700eeceabf1fd095-V

 



Recommended Articles