ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එවරස්ට් තරණය කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට ජොහාන් පීරිස් සමත්වී තිබේ. ඔහු අද දිනයේදී නේපාල වේලාවෙන් පෙරවරු 5.55 ට එවරස්ට් කඳු මුදුන තරණය කර ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශය සිය ට්විටර් ගිණුමෙන් මේ බව නිවේදනය කළේය.
ජොහාන් මෙවර එවරස්ට් තරණය කළේ දෙවැනි උත්සාහයට වන අතර ඔහු 2016 වසරේදී පළමු උත්සාහය දැරුවත් එය අසාර්ථක විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එවරස්ට් තරණය කළ පළමුවැනියා වන්නේ ජයන්ති කුරු උතුම්පාල මහත්මියයි. එ 2016 වසරේදීය.