ලංකාදීපයෙන් තන්තිරිමලය ආලෝකවෙයි


ලංකාදීප පුවත්පතේ අනුග්‍රහයෙන් 12 වැනි වතාවටත් ඵෙතිහාසික තන්තිරිමලේ පුදබිමේ ආලෝක පූජාව පළමු දිනයට අද (01දා) විවෘත විය. 

ඇමැති පී. හැරිසන්, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, අනුරාධපුර මහ දිසාපති ඩී.පී.ජී. කුමාරසිරි , මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය සභාපති පී.බී.එන්.ජයසුන්දර, විජය පුවත්පත් සමාගමේ උප සභාපති සුජාන් විජයවර්ධන, ලංකාදීප ප්‍රධාන කර්තෘ හා අධ්‍යක්ෂ සිරි රණසිංහ මහත්වරු ආලෝක පූජාව විවෘත කිරීමට එක්වූහ. හෙට (02දා) ආලෝක පූජාවේ අවසන් දිනයයි.



Recommended Articles