රොදර්හැම් සර්කිට් මීට් - 2016


ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය එක්ව සංවිධානය කළ 'රොදර්හැම් සර්කිට් මීට් - 2016' මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පසුගිය ඉරිදා (23දා) නිමාවට පත්විය. වේග සීමාවන් රහිත උද්වේගකාරී තරග අවස්ථාවන්ගෙන් සමන්විත වූ මෙවර තරගාවලිය ප්‍රවේගකාරී මෝටර් රථ ඉසව් 11ක් හා යතුරුපැදි ඉසව් 06ක් ලෙස සමස්ත තරග ඉසව් 17ක් පැවැත්විණි. 

මෝටර් රථ ඉසව් සඳහා ප්‍රමුඛතාවක් ගන්නා මෙම තරගාවලියේ මෙවර දක්‍ෂතම මෝටර් රථ ධාවකයා ලෙස ඩැරින් වීරසිංහ සම්මාන දිනාගත් අතර, දක්‍ෂතම කණ්ඩායමට හිමි කුසලානය සියැට් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් හිමිකර ගන්නා ලදී. 

මීට අමතරව මෙවර තරගාවලියට වසර 38කට පසු මොටෝ ජීපී ඉසව්වක් ඇතුළත් කර තිබූ අතර, සිලින්ඩර් ධාරිතාව250 – 1000 කාණ්ඩයෙන් පැවැති එම තරගය ජයගැනීමට සොහෙල් ඩැනියල් සමත්විය. අවසන් වරට මෙරට මොටෝ ජීපී තරගයක් පවත්වා ඇත්තේ 1978 වසරේ කටුනායක ගුවන් හමුදා ධාවන පථයේ පැවැති තරගාවලියකදීය.

ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති හා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

CSK_0502 CSK_0563 CSK_0578 CSK_0587 CSK_0606 CSK_0614 CSK_0615 CSK_0688 CSK_0723 CSK_0724 CSK_0726 CSK_0731 CSK_0770 CSK_0810 CSK_0820 CSK_0826 CSK_0829 CSK_0834 CSK_0840 CSK_0875 CSK_1115 CSK_1209 CSK_1270 CSK_1271 CSK_1380 CSK_1478 CSK_1487 KDP_4556 KDP_4568 KDP_4617 KDP_4655 KDP_4770 KDP_4780 KDP_4796

 

 



Recommended Articles