රූපවාහිනිය නරඹන කුකුළෙකු පිළිබඳව පුවතක් හෙම්මාතගම, පෙතිගම්මන ප්රාදේශයෙන් වාර්තා වේ.
පෙතිගම්මන පදිංචි එම්.ඒ. සෙනවිරත්න මහතාගේ නිවසේ මේ කුකුළා සිටියි. මාස 8ක පමණ සිට රූපවාහිනය බැලීමට නිරායාසයෙන්ම පුරුදු වූ බව පැවසෙන මෙම කුකුළා වැඩිපුරම කාටූන් වැඩසටහන් නැරඹීමට ප්රියතාවක් දක්වන බවද සෙනවිරත්න මහතා පැවසීය.
රූපවාහිනියේ හඬ හා ගුවන් විදුලියේ හඬ හොඳින් හඳුනන මෙම කුකුළා රූපවාහිනිය ක්රියාත්මක කළ විට නිවස තුළට පැමිණ රූපවාහිනිය නැරඹීමට පුරුදුව සිටින බව නිවැසියෝ පවසති.
වයස අවුරුද්දක් පමණ වන කුකුළා රාත්රී කාලයේ නිවසේ කාමරයක මේසයක් මත නිදන බවත්, සත්ත්වයා වෙනුවෙන් නිවසේ කුඩුවක් නොමැති අතර, නිදැල්ලේ සිටින බවද ඔවුහු පැවසූහ.
නිවසේ වත්තෙන් බැහැර නොවන කුකුළා නිරන්තරයෙන් නිවස අවට රැඳී සිටින බවත්, සතාගේ ආරක්ෂාව වෙනුවෙන් නිවසේ සිටින බල්ලාද මනා සහයෝගයක් දක්වන අතර, යම් සතෙකු පැමිණ කුකුළාට හිංසාවක් කරන සැණින් බල්ලා පැමිණ එය වළක්වන බවද නිවසේ හිමිකරු වන සෙනෙවිරත්න මහතා පැවසීය.
“අපි හැම කෙනෙක්ම මේ සතාට ගොඩාක් ආදරෙයි. මේ වාගේ දෙයක් සතා කරන්නෙ මොන හේතුවක් නිසාද කියලා නම් අපි දන්නෙ නැහැ’’ යැයි සෙනෙවිරත්න මහතා පවසයි.
මාවනැල්ල/හෙම්මාතගම - විජය බණ්ඩාර