රුසියානු නාවික හමුදාවට අයත් රුවල් නෞකාවක් වන ‘නඩේස්ඩා’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (ජූනි 14දා) කොළඹ වරායට සේන්දු විය.
තවද නෞකාවේ කාර්යය මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ඡායාරූප ශිල්පය පිළිබඳ ප්‍රදර්ශණයක්ද මෙහිදී පැවැත්වීමට නියමිතය.
නෞකාව මෙරට රැඳී සිටින අතරතුර මෙම මස 15,16 හා 17 වන තෙදින පුරා පාසැල් ළමුන් සඳහා විවෘත කිරීමට සූදානම් කර ඇත. තවද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සහ ක්‍රීඩා ඉසව් සඳහා මෙම නෞකා කාර්ය මණ්ඩලය සහභාගී වීමට නියමිතය.
මෙයට වසර 200කට පමණ පෙර රුසියානු නාවිකයන් වන ඉවාන් කෲසෙන්ෂ්ටර්න් සහ යූරි ලිසියෑන්ස්කි ගේ නායකත්වය යටතේ ලොව වටා සංචාරය කළ ‘නඩේස්ඩා’ නෞකාව සිහිවීම පිණිස එම නමින්ම කුඹ ගස් තුනකින් සමන්විත මෙම නෞකාව නම් කර ඇත.