මෙරට සිටින රුමේනියානු තානාපති, වික්ටර් චිවුජ්ඩියා (Victor Chiujdea) මහතා සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විණ.
1957 සිට පැවතෙන දෙරට අතර දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයන් පිළිබඳව මෙහිදී තානාපතිවරයා ඉතාමත් ප්‍රසාදයෙන් අදහස් දැක්වීය.
දෙරට අතර අධ්‍යාපනය, විද්‍යාව, සංස්කෘතිය, ජනමාධ්‍යය, තරුණ කටයුතු සහ ක්‍රීඩාව, ආයෝජන ප්‍රවර්ධනය සහ ආයෝජන ආරක්ෂාව වෙනුවෙන් ද්විපාර්ශවික ගිවිසුම් අත්සන් කිරීමේ කටයුතු වේගවත් කළ යුතු බවට මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවූයේය.