(VIDEO) ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් පැලිපන සමත්ව තිබේ. කෙසේ වෙතත් දිනේෂ්ගේ වෛද්‍ය උපාධිය ලබාගැනීමේ කතාව තරමක් වෙනස් කතාවකි.
එම විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ සිසුවෙකු ලෙස අධ්‍යාපනය ලබමින් සිටින විට දිනේෂ් දරුණු රිය අනතුරකට මුහුණ දී ඇත. ඉන් අනතුරුව ඔහුගේ පපුවෙන් පහළ ප්‍රදේශය අප්‍රාණික වී තිබේ.
කෙසේ වෙතත් එම අභියෝගය බාරගත් දිනේෂ් සිය වෛද්‍ය උපාධිය සම්පූර්ණ කර තිබේ.
“ඒක අභියෝගයක්. මෙවැනි දෙයක් ඔබේ ජීවිතයට සිදුවූ පසු ඔබෙගේ ජීවිතය වෙනස් වෙනවා” යැයි ඔහු සඳහන් කරයි. දිනේෂ්ගේ කතාවට ඔස්ට්‍රේලියා මාධ්‍ය විසින් ඉහළ ප්‍රසිද්ධියක්ද ලබාදී ඇත.