රාජ්‍ය සේවාවේ විවේචන ගැන අවධානය


රාජ්‍ය සේවාව සම්බන්ධයෙන් වූ ජනතා විවේචන කෙරෙහි දැඩිව අවධානය යොමු කළ යුතුව ඇතැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.

හෙතෙම මේ බව පවසා සිටියේ, රාජ්‍ය සේවාවන් හා සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය නිලධාරීන් හා ජනතාව දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්තව සිදු කිරීමට නියමිත 'පුරවර සැරිසර' ව්‍යාපෘතිය ආරම්භ කරමිනි.

කොළඹ නිදහස් චතුරස්‍ර භූමියෙන් අද උදෑසන ආරම්භ වූ මෙම දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය ජංගම රථ 04ක් යොදා ගෙන සිදුකෙරේ.

මෙම උත්සව අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී, ජූජ්‍ය අතුරලියේ රතන හිමියන්, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ඇතුළු විද්වත්හු රැසක් එක්ව සිටියහ.

AID_8302 AID_8305 AID_8308 AID_8313 AID_8315 AID_8319 AID_8324 AID_8329 AID_8331 AID_8334 AID_8342 AID_8346

AID_8354 AID_8366 AID_8372 AID_8376 AID_8379 AID_8384

ඡායාරූප - ඉසුරු පෙරේරා



Recommended Articles