ජනාධිපති කුසලානය ඉසිපතනයට


කොළඹ රාජකීය විදුහල ලකුණු 47 – 12ක් ලෙස පරාජය කර 07 වැනි වරටත් මයිලෝ ජනාධිපති කුසලාන රග්බි ශූරතාව (20 න් පහළ) තමන් සතු කරගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පැවැති මෙම තරගාවලියේ අවසන් තරගය  ඊයේ (13දා) කොළඹ තුරඟ තරග පිටියේදී නිමාවට පත්විය.

තරගයේ පළමු අර්ධයේදීම රාජකීයයන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් එම අර්ධය අවසනදී ලකුණු 19-07 ක් ලෙස ඉදිරියෙන් පසු වීමට ඉසිපතන විදුහල සමත් වූ අතර දෙවැනි අර්ධය සම්පූර්ණයෙන්ම ඔවුන් අණසකට යටත් කර ගත්තේ දක්ෂ වේගවත් ක්‍රීඩා රටාවකට අවතීර්ණ වෙමිනි.

ඉසිපතන ක්‍රීඩකයෝ ගෝල දිනුම් 6 ක් හා එක් උත්සාහක දිනුමක් ආධාරයෙන් ලකුණු රැස් කළ අතර රාජකීයයන්ගේ ලකුණු සටහන් වූයේ ගෝල දිනුමක් හා උත්සාහක දිනුමක් ආධාර කර ගනිමිනි.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඉසිපතන විදුහලේ හරිත් උදාර  බණ්ඩාර සම්මාන දිනාගත්තේය.

DSC_0856 DSC_1013 DSC_1016 DSC_1034 DSC_1115 DSC_1125 DSC_1167 DSC_1179 DSC_1204

RUK_2482 RUK_2629 RUK_2684

ඡායාරූප කුෂාන් පතිරාජ

 

 



Recommended Articles