රණවිරු නිවාස බෙදාදීම ජනපති ප්‍රධානත්වයෙන්


අපි වෙනුවෙන් අපි, නිවාස වැඩසටහන යටතේ රණවිරුවන් උදෙසා, ඉදිකරන ලද නිවාස 90ක් බෙදාදීමට අදාළ හිමිකම් පත්‍ර පිළිගැන්වීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10දා) පෙරවරුවේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්විණි. 

"සත්විරු සංහිඳ'' ව්‍යාපෘතිය යටතේ අර්ධ නිවාස සඳහා රුපියල් හත්ලක්ෂ පනස්දහස බැගින් රණවිරුවන් 503 දෙනෙකුට මුදල් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරුණි.

රණවිරුවන් සඳහා ඉඩම් හිමිකම් පත්‍ර 65 ක් බෙදාදීම, විරු සිසු ප්‍රදීප ශිෂ්‍යත්ව පිරිනැමීම ආදී වැඩසටහන් රැසක් ද මෙහිදී ක්‍රියාත්මක කරන ලදී.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණසේන හෙට්ටිආරච්චි මහත්වරුන් හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

01 03 04 05 06 07 08 09 10 11 12 13 14



Recommended Articles