යුක්රේන ගුවන් සේවයත් ශ්‍රී ලංකාවට ගමන් අරඹයි


යුක්රේනයේ ජාතික ගුවන් සේවය වන යුක්රේන ජාත්‍යන්තර ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.

පසුගිය 05 වැනිදා සිට යුක්රේන ජාත්‍යන්තර ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

කිව් අගනුවර සිට පළමු ගුවන් යානය ඉරිදා දිනයේදී ශ්‍රී ලංකාවට ළඟා වූ අතර, ඔවුන් බදාදා හා ඉරිදා දිනයේදී ශ්‍රී ලංකාව වෙත සිය ගුවන්ගමන් සිදුකරයි.

නවීනතම බෝයින් 767-300ER ගුවන් යානයක් මෙම ගුවන් ගමන් සඳහා ඔවුන් යොදා ගෙන තිබේ. 

Edited IMG_1584 IMG_1606



Recommended Articles