යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසකර් ඉල්ංචේලියන් මහතාගේ ජීවිතය බේරාගැනීමට දිවිදුන් පොලිස් නිලධාරියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුවූ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි මහාධිකරණ විනිසුරු මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳට වැඳ හඬා වැළපෙන ඉතා සංවේදී අවස්ථාවක් සිදුවිය.
මිය ගිය 57 හැවිරිදි පොලිස් සැරයන් ගනේවත්තගේ සරත් හේමචන්ද්‍ර නමැති නිලධාරියාගේ බිරිඳ අද උදෑසන පශ්චාත් මරණ පරීක්ෂණය සිදුවූ ස්ථානයට පැමිණි අතර, එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු ඉතා සංවේදී විය.
ඊට පෙර මහාධිකරණ විනිසුරු තුවාල ලැබූ පොලිස් නිලධාරීයාද හමුවීමට ගිය අවස්ථාවේදී එම පොලිස් නිලධාරියා වැලඳගනිමින් හඬා වැළපී තිබේ.
මිය ගිය පොලිස් සැරයන් ගනේවත්තගේ සරත් හේමචන්ද්‍ර නමැත්තාගේ උදර ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය වැදීමෙන් අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවීම නිසා එම මරණය සිදුව ඇතැයිපශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණයවිය.