යාපනය දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් පවුල් 33,000කට අයත් පුද්ගලයන් 121,000 දෙනෙකු පානීය ජලය ඇතුළු අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් ජලය නොමැති වීමෙන් දැඩි බලපෑමකට ලක්ව සිටින බව යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා පවසා සිටියේය.
යාපනය දිස්ත්‍රික්කයට බලපා ඇති උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳ විමසීමේදී යාපනය දිසාපතිවරයා මේ බව සඳහන් කර සිටියේය.
එහිදී යාපනය දිසාපතිවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේ, යාපනය කයිට්ස්, මරදන්කේනි, කරෙයි නගර්, සංදිලිපායි, සංගත්තානෙයි, වේලනයි යන ප්‍රදේශයවලට නියං තත්ත්වය දැඩිව බලපා ඇති බවත්, මේ වනවිට ආපදා කළමනාකරණ අමාත්‍යංශය මගින් එම වැසියන්ට අවශ්‍ය පහසුකම් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ලබාදීමට කටයුතු යොදා ඇති බවත්ය.
මේ අතර යාපනය ප්‍රංකුඩතිව් හා මණඩතිව් යන ප්‍රදේශයන්හි ජනතාව පානීය ජලය නොමැතිව දැඩි පීඩාවන්ට පත්ව සිටින අතර, ඔවුන්ට දිනකට අවශ්‍ය පානීය ජලය නොමැතිව මාර්ග අසල දිනය පුරා රැඳීසිටීමට සිදුව ඇති බවත්, ප්‍රදේශයේ පිහිටි සියලුම ජලය පිහිටි ස්ථාන සිඳී ගොස් ඇති බවත් එම ගම්වාසීහු ප්‍රකාශ කරති.