උත්සව සහ වැඩසටහන් කිහිපයකට සහභාගීවීමට අද (14දා) යාපනයට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි උදේඝෝෂණ ව්‍යාපාරයක නිරතව සිටි පිරිසක් අතරට ද ගොස් ඔවුන්ගේ ගැටලුවලට ඇහුම්කන් දුන්බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
වව්නියාව බන්ධනාගාරයේ සිට අනුරාධපුර බන්ධනාගාරයට යවා තිඛෙන දෙමළ සිරකරුවන් තිදෙනෙකු යළිත් වව්නියාව බන්ධනාගාරයට ගෙන එන ලෙස ඉල්ලමින් කළු කොඩි ඔසවමින් ජනාධිපති ගමන්ගත් මග දෙපස සිට මෙම පිරිස උදේඝෝෂණ ව්‍යාපාරයක නිරතව සිටි බවද ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වෙයි.
විරෝධතාවය දුටු ජනාධිපතිවරයා වාහනයෙන් බැස ඔවුන් අතරට ගොස් අදාළ ගැටලුව පිළිබද කරුණු විමසමින් කියා සිටියේ උතුරේ වේවා දකුණේ වේවා ඕනෑම අයෙකුට ප්‍රශ්න තිබේනම් එකම මේසයක වාඩිවී සාකච්ඡා කිරීමට තමා සූදානම් බව පැවැසූ බවද එම නිවේදනයේ වෙයි.