මෝදි, මෛත්‍රීගේ දැඩි අවධානය බලාපොරොත්තුවෙන්


ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සමරුව නිමිති කොට ගෙන අධ්‍යාපන ක්ෂේත්‍ර‍යේ සිදු කිරීමට බලාපොරොත්තු වන ඩිජිටල් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉන්දියාවේ පූර්ණ සහය ලබා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.

සියලු පාසැල් සිසු දරු දැරියනට පරිගණක ටැබ්ලට් ලබා දීමේ වැඩ පිළිවෙල අත්හදා බැලීමේ නියමු ව්‍යාපෘතියන් ලෙස ක්‍රියාත්මක කරලීමට සහ ඊට අවශ්‍ය සිංහල හා දෙමළ භාෂා මෘදුකාංග නිර්මාණය කරලීමට ඉන්දීය විශේෂඥ සහය ලබා දීමටත්, ඒ වැඩ පිළිවෙල සඳහා තොරතුරු තාක්‍ෂණ සහයෝගීතා සැලසුමක් සැකසීමටත් ඉන්දියාව මූලිකත්වය ගෙන ක්‍රියා කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා අද (23 වන දා) දහවල් නවදිල්ලි නුවර හයිද්‍රබාද් මන්දිරයේ දී පැවති අතර, මෝදි මහතා විසින් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස වෙත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනමන ලදී.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව ක්‍රියාත්මක කරලීමට අපේක්‍ෂිත සංවර්ධන වැඩසටහන් කඩිනම් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. මෝදි මහතා පැවසූයේ ජනාධිපතිවරයාගේ දැඩි අවධානය මේ සඳහා යොමු කොට සංවර්ධන සැලසුම් ඉක්මනින්ම ඇරඹිය යුතු බවට ඉන්දියාව යෝජනා කරන බවය. මේ සංවර්ධන සැලසුම් හරහා ශ්‍රී ලංකාවේ වත්කම් පමණක් නොව රැකියා උත්පාදන අවස්ථාවන් ද නිර්මාණය වන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ ශ්‍රී ලංකා - ඉන්දීය හවුල් ව්‍යෘපෘති කඩිනම් කිරීමේ සියලු ප්‍රයත්නයන් ගැනීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බවය. දැනට මතුවී ඇති යම් යම් ගැටළු ඉක්මණින් නිරාකරණය කර ගත හැකි බවට ද වික්‍රමසිංහ මහතා විශ්වාසය පළ කළේය.‍

01 (8) copy



Recommended Articles