තහනම් උත්තේජක ලබා ගත් බවට තහවුරු වීම හේතුවෙන් ඇෆ්ගනිස්ථාන ක්රිකට් කණ්ඩායමේ කඩුළු රකින ක්රීඩක මොහොමඩ් ෂේසාඩ් ට තාවකාලික තරග තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය (අයි.සී.සී) තීරණය කොට ඇත.
පසුගිය ජනවාරි 17 වැනිදා අයි.සී.සී.ය විසින් සිදු කරන ලද පරීක්ෂාවකදී ෂේසාඩ් ගේ මුත්රා සාම්පල වල ක්ලෙන්බියුටිරෝල් නැමති රසායනිකය අඩංගු බව හෙලිවී ඇති අතරදිෙනෙ 14 ක් තුලදී මෙමෙ චෝදනා වලට පිළීතුරු දිය නොහැකි වුවහොත් ඔහුට එළඹෙන 26 වැනිදා සිට තරග තහනමක් පැනවෙන බව අයි.සී.සී. ය නිවේදනය කරයි.
29 හැවිරිදි ෂේසාඩ් මේ දක්වා පන්දුවාර විස්ස තරග 58 කට හා එක්දින තරග 58 කට සහභාගි වී ඇත.