මොරගහකන්ද වන සතුන් බේරා ගැනීම තවදුරටත්


මොරගහකන්ද ජලාශයට ජලය පිරවීමෙන් පසු ජලාශයට යටවන ප්‍රදේශයේ ජීවත්වූ වන සතුන් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බැවින් එම ජලාශයට නොබසින ලෙස මොරගහකන්ද ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී. ජී. දයානන්ද මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

වන සතුන් මුදාගැනීම පිළිබඳව  මාධ්‍ය දැනුවත් කිරීමට ඊයේ (16දා) මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා එසේ  පවසා සිටියේය.

සතුන් මුදාගැනීමේ මෙහෙයුම් ඊයේ වන විට  තුන්වන දිනටත් ක්‍රියාත්මක කර තිබුණි.වනජීවී දෙපාර්තමේන්තුව,ජාතික සත්වඋද්‍යානය, ශ්‍රී ලංකා පොලීසියේ ජීවිතාරක්ෂක අංශය,ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ තවත් රාජ්‍ය ආයතන රැසක් මේ සඳමා අඛණ්ඩ මෙහෙයුම් ආරම්භ කර තිබුණි.

වනසතුන්ද මේ වන විට ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බැවින්දරුණු සතුන්ගෙන් සිදුවන හානි වළකා ගැනීමටජලාශයට නොබසින ලෙස එය නැරඹීමට පැමිණෙන ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එමෙන්ම මෙම මෙහෙයුම් කටයුතු බාධාවක් සිදුනොකරන ලෙසද දයානන්ද මහතා ඉල්ලීමක් කළේය.

පසුගිය (11දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මොරගහකන්ද වාරි වේල්ල වසා ජලය පිරවීම ආරම්භ කළදා මේ වන විට ලක්ෂයකට වැඩි ජනතාවක් මොරගහකන්ද නරඹා ඇති බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය.

මේ වනවිට ප්‍රදේශයට ආවේණික උරග විශේෂ රැසක් මෙන්ම දඬුලේනුන්, මී මින්නන්,කටුස්සන් හා මී විශේෂ රැසක් මුදාගෙන සුදුසු පරිසරයන්ට මුදා හැර ඇති බවත් තවදුරටත් එම මෙහෙයුම් ක්‍රියාත්මක බවද දයානන්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

IMG_3656 IMG_3669 IMG_3673  Picture 085 Picture 086 SAM_4092 SAM_4093 SAM_4105 SAM_4106 SAM_4107 SAM_4109

(නාඋල - ඉන්දික අරුණ කුමාර)

 



Recommended Articles