මොරගහකන්දේ නිදන් වස්තු තැන්පත් කෙරේ


මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන කළුගඟ ජලාශයේ ප්‍රධාන බැම්මෙහි නිදන් වස්තු තැන්පත්කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මැතිඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රධානත්වයෙන් අද පෙරවරු 11.00ට පමණ යෙදුණු සුබ නැකතින් සිදු විය.

සෙත් පිරිත් සජ්ජායනා හා සර්ව ආගමික වතාවත් මධ්‍යයේ මෙම නිදන් වස්තු තැන්පත් කිරීම සිදු විය. කළු ගඟ ව්‍යාපෘතිය මගින් උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල කුඹුරු අක්කර දහස් ගණනකට ජලය සැපයීමට නියමිතය.

මේ යටතේ ඉදිකෙරෙන මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් බොහෝ දුරට අවසන් වී ඇති අතර එම ජලාශයට ජලය පිරවීම මෙම වසරේ ඔක්තෝබර් නොවැම්බර් මාසවල වැසි සමයේදී සිදුකෙරෙන අතර දෙසැම්බර් මාසයේ දී එය විවෘත කිරීමට නියමිතය.

 



Recommended Articles