මොරගහකන්දේ විදුලි ජනනය ළඟදීම


මොරගහකන්ද කළුගඟ නව ජලාශ දෙකේ ඉදිකිරීම් කඩිනමින් නිමවෙමින් පවතින අතර නව නගර ඉදිකිරීම් මෙන්ම නැවත පදිංචි කිරීම් හා නව විදුලි බලාගාරයේ වැඩ  නිමවෙමින් පවතින බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය කියයි.

මෙහි වර්තමාන තත්ත්වය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සදහා මාධ්‍ය කණ්ඩායමක් මේ ප්‍රදේශයට රැගෙන ගොස් සංවර්ධනය ගැන දැනුවත් කිරීමක් ජනාධ්පති මාධ්‍ය අංශය මගින් සංවිධානය කර තිබිණි.

මොරගහකන්ද ජලාශය මේ වනවිට කඩිනමින් පිරෙමින් පවතින අතර දැනට ජලාශයෙන් හතරෙන් එකක කොටසක් පිරී අවසන්ය. විදුලි බලාගාරයේ වැඩ 90%ක් අවසන් බවත්, ළගදීම මෙමගින් විදුලි පද්ධතියට මෙගා වොට් 25 ක ධාරිතාවක් එක් කිරීමට හැකිබව ව්‍යාපෘති අධ්‍යක්ෂ ආර්.බී.තෙන්නකෝන් මහතා කියයි.

කළුගඟ ජලාශයේ ඉදිකිරීම් මේ වනවිට 60%කප්‍රමාණයක් අවසන් බව කියයි. නැවත පදිංචි කළ ගම්මානවල ජනතාව පවසන්නේ තමන් විශාල ආකාරයට ජල හිඟයකට මුහුණ පා ඇති බවය.

ජලාශවලට යටවන ලග්ගල නගරය වෙනුවට නව ලග්ගල නගරය මේ දිනවල ලහිලහියේ ඉදිවෙමින් පවතින අතර රාජ්‍ය ආයතන සඳහා ගොඩනැගිලිද ඉදිවෙමින් පවතී.ඇතැම් රාජ්‍ය ආයතන දැනටමත් නව නගරයේ ආරම්භ කර ඇත.

කාංචන ආරියදාස / ඉන්දික අරුණ කුමාර

?????????????????????????? ?????????????????????????? DSC_3064 DSC_3115 DSC_3117 DSC_3149 DSC_3150 DSC_3154 DSC_3164 ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? SAMSUNG CAMERA PICTURES SAMSUNG CAMERA PICTURES SAMSUNG CAMERA PICTURES



Recommended Articles