මෛත්‍රී - මහින්ද සාකච්ඡා පැයක්


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති සාකච්ඡාව පැයක පමණ කාලයකට සීමා වී ඇත.  එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව පමණක් මෙහිදී සාකච්ඡාවට ලක් ව තිබේ. 

මෙම සාකච්ඡාවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විපක්ෂ නායක නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, ෆසියර් මුස්තාෆා යන මහත්වරුන් සහභාගී වූ අතර, කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරු මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවට එක්වූහ.

සාකච්ඡාවෙන් අනතුරුව මේ පිළිබඳව මාධ්‍යයට ප්‍රකාශ නිකුත් නොකළ අතර, ශ්‍රී.ලං.නි.ප. මහලේකම් අනුර ප්‍රියදර්ශන මහතා පසුව නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය.  

චාමර සම්පත්/ජයමාල් චන්ද්‍රසිරි



Recommended Articles