ජිවිතයේ අපි නොහිතන දේවල් සමහර විට සිදුවෙයි. එවැනි සිදුවිමක් ශ්රීලංකා යුධ හමුදාවේ24 සේනාංකය තුලදි ඊයේ (04දා) සිදුවිය.
ශ්රීලංකා යුධ හමුදාවේ24 සේනාංකාධිපති වශයෙන් සිටි බි්රගේඩියර් මහින්ද මුදලිගේ මහතා මේජර් ජෙනරාල් පදවියට උසස් කරනු ලැබිය. මෙම තනතුරේ වැඩ භාර ගැනිම සිදුවුයේ ශ්රීලංකා යුධ හමුදාවේ 24 සේනාංකයේදිය.මෙම අවස්ථාවට සෙත් පිරිත් කිම සදහා මහා සංඝරත්නය වැඩ සිටියේය.
මෙම මහා සංඝරත්නය අතර ශ්රී ලංකා යුධ හමුදාවේ මේජර් ජෙනරාල් තනතුරේ සිටි සසුන් ගතවු ආනන්ද විරසේකර මහතා වර්තමාන බුද්ධංගල ආනන්ද හිමියන් ද වැඩම කර සිටිම විශේෂ සිද්ධියක් විය.
ආගමික වතාවත්වලින් අනතුරුව මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මහතාට පිරිත් නූල් බැදිම සිදු කලේ බුද්ධංගල ආනන්ද (හිටපු මේජර් ජනරාල් ආනන්ද වීරසේකර මහතා) හිමියන් විම විශේෂ සිද්ධියක් විය.