වරායෙන් බිලියන 06 ක් ලාබයි


ශ්‍රීලංකා වාරාය අධිකාරියේ 37වන සංවත්සරය සැමරීමට සූදානම් වන අවස්ථාවේ වරාය අමාත්‍යාංශය විසින් අද (25දා)  මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණි. මෙම අවස්ථාවට වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග සහ වරාය සභාපති ධම්මික රණතුංග මහත්වරුද සහභාගී වූහ.

මෙහිදී අදහස් දක්වමින් වරාය සභාපති ධම්මික රණතුංග මහතා පැවසුවේ කොළඹ වරාය ලෝකයේ ප්‍රධාන වරාය 30 ඇතුළත 26 වන ස්ථානයේ පසුවන බවත්, 2020 වනවිට එම ස්ථානය 20 දක්වා වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බවත්ය.

එමෙන්ම වරාය පර්යන්ත තුළ මෙහෙයුම් කටයුතුද වඩා සාර්ථකව සිදුකරගැනීම අරමුණ වී ඇති අතර, පසුගිය වසර තුළ වරාය බිලියන 06 ක ලාභයක් ලබාඇති බවද සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

පසුව මුහුදේ සිට කොළඹ වාරාය නැරඹීමට අවස්ථාව උදාවූ අතර පහත දැක්වෙන්නේ එම දර්ශනයි.

ඡායාරූප - ක්‍රිශාන් රණසිංහ

 

_KSR2586_KSR2590 _KSR2612 _KSR2614 _KSR2617 _KSR2620 _KSR2624 _KSR2634 _KSR2644 _KSR2648 _KSR2650 _KSR2652 _KSR2655 _KSR2660 _KSR2684 _KSR2694 _KSR2696



Recommended Articles