මුලතිව් රෝහලේ පැවැති ලේ අවශ්‍යතාවට පිළියමක් ලෙස මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කොට තිබිණි.
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඩී.පී.ප්‍රනාන්දු මහතාගේ පූර්ණ උපදෙස් හා අධීක්ෂණය පරිදි 59, 64 සහ 68 යන සේනාංකවල සෙබළුන්ගේ දායකත්වයෙන් මුලතිව් මහරෝහලේ ලේ බැංකු මධ්‍යස්ථානයේදී මෙම ලේ දන්දීම සිදු කෙරිණි.
මුලතිව් මහරෝහල් ලේ බැංකුවේ වෛද්‍යරජිත විජේවර්ධන මහතාගේඉල්ලීම පරිදි මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිවරයා විසින් මෙම ලේ දන්දීමේ වැඩසටහන මෙහෙයවා ඇත.
මෙම ලේ දන්දීමේ වැඩසටහනට සෙබළුන් 400කට ආසන්න පිරිසක් සහභාගි වී තිබිණි.