මුලතිව්හි හර්තාලයක්


අවසන් යුද්ධයෙන් මියගිය වැසියන් සිහිකරන බව පවසමින් අද (18දා) මුලතිව් නගර මධ්‍යයේ පිහිටි සියලුම වෙළෙඳසැල් වසා දමමින් හර්තාලයක් ක්‍රියාත්මක කෙරිණි.

මුලතිව් හා පුදුකුඩිඉරිප්පු වෙළෙඳ සංගමය විසින් සංවිධානය කර තිබූ මෙම හර්තාලය හේතුවෙන් දෛනික කටයුතු අඩාල වී තිබූ අතර, වෙළෙඳසැල් වසා තිබුණද, රජයේ කාර්යාල හා බැංකු සියල්ලක්ම විවෘතව පැවතිණි.

කෙසේ වෙතත් හර්තාලය සංවිධානය කර තිබූ වෙළෙඳ සංගම් පවසා සිටියේ, යුද්ධයෙන් මියගිය සාමාන්‍ය වැසියන් වෙනුවෙන් ඔවුන්ට ගෞරව කිරීමක් ලෙස වෙළෙඳසැල් වසාදැමීමට කටයුතු කළ බවයි.

1 2 3 5 7



Recommended Articles