මීතොටමුල්ල නිවාස අහිමිවූවන්ට නව නිවාස ජනපති අතින්


මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූවන්ට නිවාස ලබාදීමේ වැඩසටහනේ මුල් අදියර යටතේ පූර්ණ හානියට පත් නිවාස 30 ක පදිංචි කරුවන් වෙනුවෙන් නව නිවාස ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21දා) ආපදා කළමණාකරන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදුවූ බව ජනපති මාධ්‍ය අංශය පැවසීය.

මෙම ව්‍යසනයෙන් නිවාස අහිමි වූ පවුල් 98 සදහාම නිවාස ලබාදීමට රජය මේ වන විට කටයුතු සූදානම් කර තිඛෙන අතර, එහි මුල් අදියර යටතේ නිවාස ලබා ගැනීමට කැමැත්ත පළ කළ පවුල් 30 ක් වෙනුවෙන් අද මෙලෙස නිවාස ලබාදීම සිදු කෙරිණි.

මෙම නිවාස වෙනුවෙන් රජය වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 3920 කි.

එසේම එම නිවාස හිමියන්ට ගෘහ භාණ්ඩ මිලදී ගැනීම සදහා එක් නිවාසලාභියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් ලබාදීම ද  සිදු කෙරේ.

අහිමි වූ නිවාසවල තක්සේරු කටයුතු සිදු කිරීමෙන් අනතුරුව වැඩි වටිනාකමක් පවතින්නේ නම් නිවාසවලට අමතරව එම පවුල් වෙත මුදල් ලබාදීමට ද රජය ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතය.

මේ අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු රාශියක් එක්ව සිටී බව ජනපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

1 copy 2 copy



Recommended Articles