මීතොටමුල්ලේ අවතැන් තරුණියන්ට දුන් තිසරපට වල ජෙල් වැනි ද්‍රව්‍යයක්?


මීතොටමුල්ල කුණුකන්ද කඩා වැටීමෙන් අවතැන්වූවන් රඳවා සිටින මීතොටමුල්ල වී ගබඩා සංකීර්ණයේ තාවකාලිකව පදිංචිව සිටින පවුල්වල තරුණියන්ගේ ගේ පරිහරණය සඳහා නොමිලයේ ලබාදුන් කාන්තා යටඇඳුම් අතර තිබූ තනපටයක ඇතුළට දමා මසා තිබූ පෙති වර්ගයක් හා ජෙල්වැනි ද්‍රව්‍යයක් අඩංගු පැකට්ටුවක් හමුවූ බව එම කඳවුරේ වැඩ මූලික පී.ජී. චන්ද්‍රසිරි මහතා පැවසීය.

මේ පිළිබඳව සොයා බැලීමේදී එම කඳවුරේ සිටි එය ලබාගත් තරුණිය හා ඇගේ මව සඳහන් කර සිටියේ පසුගිය දිනක අවතැන් කඳවුර වෙත පැමිණි කාන්තාවක්මෙය බෙදාදුන් බවත්, ඒවා හැඳිමෙන් පසු සෝදා පිරිසුදු කිරීමට යාමේදී මෙහි ඇතුළත යම් දෙයක් අතට අසුවන බව දැනී එය කපා බැලීමේදී මෙම ද්‍රව්‍ය අඩංගු පැකට්ටුව හමුවූ බවත්ය.

1 2 3 4 SAMSUNG CAMERA PICTURES SAMSUNG CAMERA PICTURES

බුලත්සිංහල - චිත්මි චේතාරි

 

 

 

 



Recommended Articles