මැයි පෙළපාලියකට කූඹියෝහි මල්දෙණිය එයි


දේශපාලඥයන් විසින් උදුරා ගත් මැයි දිනය යළිත් වැඩ කරන ජනතාව අතට පත්කර ගැනීමට කටයුතු කරන බව මැයි දිනය රැක ගැනීම සඳහා වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

ආණ්ඩුව මැයි දිනය වෙනස් කිරීමට කටයුතු කළද, උපන් දිනයක් වෙනස් කිරීමට නොහැකි සේ මැයි දිනයද කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි බව එම එකමුතුවේ සාමාජික, නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස් මහතා සඳහන් කළේය.

මැයි දිනය වැඩ කරන ජනතාවට අයිති දිනය බැවින් ආණ්ඩුවේ මර්දනය හමුවේ පවා අද (01දා) වෘත්තීය සමිති 23ක් එක්ව සැබෑ මැයි දිනයක් සැමරු වූ බවද හෙතෙම පවසා සිටියේය.

මැයි දිනය රැක ගැනීම සඳහා වූ වෘත්තීය සමිති එකමුතුව විසින් අද කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සිට ලොටස් පාර දක්වා මැයි දින පාගමනක් පවත්වනු ලැබීය. ඉන් පසුව ටිපර් රථයක සකස් කළ වේදිකාවක් මත සිට මැයි දින රැලිය පැවැත්වීමට කටයුතු කෙරිණි.

මැයි පෙළපාළියේ පැමිණ පිරිස් ජනාධිපතිවරයාට සන්දේශයක් බාර දීමට ගමන් කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් මාර්ග බාධක යොදා ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දැමීමට පොලීසිය කටයුතු කළේය.

ඉන් පසුව අදාළ සන්දේශය රැගෙනි නියෝජිතයන් 05 දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයට යෑමට පොලීසිය අවසර ලබා දුන්නේය.

මෙම පෙළපාලිය සඳහා ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වූ කූඹියෝ ටෙලි නාට්‍යයේ විපක්ෂනායක ලෙස මල්දෙණිය චරිතයට රඟ පෑ පීටර් ඩි අල්මේදා මහතාද එක්ව සිටියේය.

ඡායාරූප ඉසුරු පෙරේරා

AID_9402 AID_9406 AID_9408 AID_9410 AID_9411 AID_9415 AID_9417 AID_9423 AID_9426 AID_9430 AID_9441 AID_9447 AID_9457 AID_9460 AID_9466 AID_9469 AID_9472 AID_9475 AID_9482 AID_9486 AID_9489



Recommended Articles