.jpg)
අත්තනගල්ල කටුවස්ගොඩ අද පැවැති මහජන හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය. .
"මම පෞද්ගලිකව සිතනවා මැතිවරණයක් පරක්කු වෙන තරමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හොඳයි කියලා. මොකද අද මැතිවරණයකට ගියොත් අපිට ලොකු ප්‍රශ්ණයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහර විට අත්තනගල්ල වගේ ආසන අපිට දිනන්න පුළුවන් වෙයි. සමහර ප්‍රධාන ආසන දිනාගන්නත් පුළුවන් වෙයි. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැඩීමත් එක්ක අපිට ආණ්ඩුවක් හදන්න පුළුවන් වෙයිද කියන එක ලොකු ප්‍රශ්නයක්.
අද මහින්ද රාජපක්ෂ මහත්තයා නිසා අපිට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ ලොකු ප්‍රශ්නයකට. එතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පක්ෂය ඉදිරියට අරගෙන යන්න දෙන්නේ නැහැ. අපි අතර කෙටීමක් ඇතිකරලා මේ පක්ෂය දෙකඩ කිරීමේ වැඩපිළිවෙලක් කර ගෙන යන්නේ. මේකෙන් වාසිය එන්නේ එක්සත් ජාතික පක්ෂයට" යැයි අමාත්‍යවරයා පැවැසීය.