මැතිවරණය කල්දැමීමට විරුද්ධයි


ආණ්ඩුව විසින් සිදුකරනු ලබන මැතිවරණය කල්දැමීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රයට දෙසැම්බර් 04 වැනිදා තෙක් වාරණ නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණය කළ නියෝග සම්බන්ධයෙන් අදහස් දක්වමින් අද (22දා) පාර්ලිමේන්තුවේදී හෙතෙම මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,

"පළාත් පාලන මැතිවරණය ජනවාරි වනවිට ලබාදෙනවා කියලා ආණ්ඩුව ප්‍රකාශ කරලා තිබුණා. නමුත් අද වනවිට එය කල්ගිහින් තිබෙනවා. මේ මැතිවරණය ජනතාව බලාගෙන ඉන්නවා. මේ මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් අපි අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. මැතිවරණය පුළුවන්තරම් ඉක්මනින් පවත්වන්න" යැයි පැවසීය.

2

 

 



Recommended Articles