ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පස්වන මහලේ පිහිටි මැණික් අලෙවි ආයතනයකට පැමිණි පුද්ගලයෙකු එහි තිබූ රුපියල් 70000 ක් පමණ වටිනා මැණික් ගලක් සොරකම් කර ඇති බව පොලීසය පවසයි. එහි සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවල සටහන්ව තිබූ දර්ශන ඇසුරින් පොලීසිය සැකකරුගේ ඡායාරූපයක් නිකුත් කර ඇත. ඔහු පිළිබඳව තොරතුරක් දන්නේ නම් කොටුව පොලිස් ස්ථානයේ දුරකථන අංක 011-2433744/0112432635 හෝ ස්ථානාධිපති කොටුව 071-8591560 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.