මොටාසාට ජයග්‍රාහී සමුගැනීමක්


 (UPDATE)

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 45කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි විස්සයි20 තරගය ජයගැනීම බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. ඒ අනුව එක්දින තරගාවලියද 1-1ක් ලෙස සමව නිමාවට පත්විය. බංග්ලාදේශ කණ්ඩායමේ විස්සයි20 නායක මශ්රෆී මොටාසාගේ අවසන් විස්සයි20 තරගය මෙය වූ අතර ඔහුට ජයග්‍රහණයකින් කෘත ගුණ සැලකීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුනු 176ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 131ක් පමණි. 


බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි 20 තරගයේදී කඩුළු ත්‍රිත්වයක් දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අද සමත්විය.  මුශ්ෆිකාර් රහීම්, මශ්රෆී මොටාසා හා මෙහෙදි හසන් මිරාස් දවාගනිමින් මාලිංග සිය කඩලු ත්‍රිත්වය 19 වැනි පන්දුවාරයේදී ලබාගත්තේය.


ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ නායක මශ්රෆී මොටාසා සමත්වූයේය. ඒ අනුව ඔහු පළමුවය පන්දුවට පහරදීමට තීරණය කළේය. බංග්ලාදේශ නායකයාගේ අවසන් ජාත්‍යන්තර විස්සයි20 තරගය වන්නේ මෙම තරගයි. පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමම මෙම තරගයට ක්‍රීඩාකරයි. 

 



Recommended Articles