හම්බන්තොට මාගම්පුර වරායට අනුබද්ධ මාගම්පුර වරාය කළමනාකරණ පුද්ගලික සමාගමේ සේවයේ නියුතු සේවකයෝ පිරිසක් අද (27දා) වර්ජනයක නිරතව සිටිති.
තමන් වරාය අධිකාරියට බඳවා ගන්න ලෙස හෝ නැතහොත් තමන්ට ප්රමාණවත් වන්දි මුදලක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත.
මෙම වර්ජනයට සමගාමීව සේවකයන් මාගම්පුර වාරයේ ප්රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිටදී විරෝධතාවකද නිරත වූහ.