මළගිය කොටින් සමරන්න කිළිනොච්චිය ගිය මන්ත්‍රීන් යුද හමුදාව සමග වචන හුවමාරුවක


කිළිනොච්චිය, විශ්වමඩු තේරාවිල් කොටි සොහොන් බිම් පිහිටි ප්‍රදේශය ඊයේ (06දා) සවස පිරිසුදු කිරීමට ගිය දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රදේශවාසීන්ට යුද හමුදා කඳවුරකට අයත් ප්‍රදේශයට ඇතුළත් වීමට නොදීම නිසා උණුසුම් වචන හුවමාරුවක් වී ඇත.

යුද හමුදා අනුඛණ්ඩයකට අයත් සීමාවක අදාළ සොහොන් ගැබ පිහිටා ඇති අතර, ප්‍රදේශවාසීන් ඊට ඇතුළු වීමට අවසරය ඉල්ලීමේදී යුද හමුදා නිලධාරීන් පවසා ඇත්තේ ඒ සඳහා අවසරය ලබාදිය නොහැකි බවටත්,
තමන්ට ඉහළ නිලධාරීන්ගේ අවසරය නොලැබී ඇති බැවින් ඒ සඳහා අවසරය ලබාදිය නොහැකි බවටත්ය.

පසුව එම ස්ථානයට ගිය කිළිනොච්චිය දිස්ත්‍රික් උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ටී. කුරුකුලරාජා මහතා හා එස්. පසුපතිපිල්ලේ මහතා ඊට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් පවසා ඇත්තේ, තමන්ගේ ඥාතීන් මිහිදන් කර ඇති සොහොන් වට කොට යුද හමුදා කඳවුරු ඉදිකිරීම අනුමත නොකරන අතර, තමන්ගේ ඥාතීන් සිහිකිරීමට ඇති සොහොන් පවතින ප්‍රදේශයෙන් යුද හමුදා කඳවුරු ඉවත් කළ යුතු බවටය.

එහිදි පළාත් සභා මන්ත්‍රීවරුන් විසින් යුද හමුදා නිලධාරීන් වෙත දෝෂාරෝපණය කර ඇතැයිද වාර්තා වෙයි.

පසුව ගැටලුව හටගත් ස්ථානයට දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රිධරන් මහතා පැමිණ ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරන බවත්, ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කරන බවත් පැවසීය.

අනතුරුව අදාළ පිරිසට එම ස්ථානයට යෑමට අවසර නොමැති වීමෙන් යුද හමුදා අනුඛණ්ඩය ඉදිරිපස පහන් දල්වා, පොල්ගැසීමෙන් පසු ශ්‍රමදානය ආරම්භ කෙරිණි.

 

01 copy 03 copy 04 copy 05 copy 07 copy



Recommended Articles