මහේලගේ පාගමන අවසන් අදියරට


ගාල්ල කරාපිටිය රෝහළට පිළිකා ඒකකයක් ඉදිකිරීම සඳහා යාපනයේ පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා සංවිධානය කර තිබෙන ට්‍රේල් පාගමන සඳහා ලසිත් මාලිංග හා සුරාජ් රන්දිව් අද (31දා) එක්ව සිටිති.

දින 28ක් පුරා දිවෙන පාගමනේ 26 වැනි දිනය අද ක්‍රියාවට නැංවෙයි. අද උණවටුන දිට වැලිගම දක්වා පගමන ක්‍රියාත්මක වෙයි. පේදුරුතුඩුවෙන් ආරම්භ කළ පාගමනට මහේල ජයවර්ධන හා ඔහුගේ බිරිඳ වන ක්‍රිස්ටිනා අඛණ්ඩව එක්ව සිටිති.

පාගමන හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක ආධාර උපයා ගැනිමට බලාපොරොත්තු වෙන අතර මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.8ක ආධාර එකතු වී තිබේ.

 



Recommended Articles