මහියංගනයේ සර්වඥධාතු වහන්සේ තායිලන්තයේ ප්‍රදර්ශනය කරයි


ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 60 ක් සපිරිම නිමිත්තෙන් ජනාධිපවරයාගේ තායිලන්ත  සංචාරයට සමගාමීව ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ සිට වැඩමකරවන ලද සර්වඥධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02දා) පස්වරුවේ තායිලන්තයේ බුද්ධමන්තන් විහාරස්ථානයේදි විවෘත කෙරිණි.
 
තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් වාන් ඕ වා මහතාද මෙම අවස්ථාවට එක්විය. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී්‍ ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර, මහියංගන රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් ප්‍රථම පූෂ්පෝපහාරය දැක්වීමෙන් අනතුරුව ධාතු ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි.
 

දුමින්ද සංජීව බාලසූරිය තායිලන්තයේ සිට / ඡායාරූප සුදත් සිල්වා 



Recommended Articles