හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබාදෙන බවට නිකුත් කළ ලිපියට අත්න් කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා සිය ෆේස්බුක් ගිණුමට ඊයේ (03දා) ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත.
අදාළ නිවේදනය සම්බන්ධයෙන් හා හිටපු ජනපතිට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් සත්‍යය ඉදිරියේදී හෙළිවෙනු ඇති බවත්, හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, විපක්ෂනායක නිමල් සිරිපාලද සිල්වා යන අය මෙම තීරණයට විරුද්ධ බවත් අර්ජුණ රණතුංග මහතා සිය ප්‍රකාශයෙන් වැඩිදුරටත් කියයි.