මස්කෙළියේ නාය යෑමක්


මස්කෙළිය, ගාඩ්මෝර් තේ වතුයායේ, ෆෝග්මෝර් කොටසේ ඊයේ (28දා) උදෑසන 7.00 ට පමණ වතු නිවාස පෙළකට ඉහළින් පිහිටි කන්දක් නාය යෑම නිසා එම නිවාස වල පදිංචිව සිටි කම්කරු පවුල් 44 ක සාමාජිකයන් 200 ක පමණ  පිරිසක් අවතැන්ව සිටිති.

මෙහිදී කිසිදු ජීවිත හානියක් හෝ දේපල හානියක් සිදුවී නොමැත. අවතැන්ව සිටින පිරිස ෆෝග්මෝර් කොටසේ වතු නිලධාරි නිවසක හා හින්දු කෝවිලේ තාවකාලිකව ලැගුම්ගෙන සිටිති. අවතැන්වූවන් අතර ගැබිණි කාන්තාවන් තිදෙනෙක් හා පාසල් ළමයින් 40 ක් පමණ සිටිති.

මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

1 DSC00275 DSC00277 DSC00278 DSC00284 DSC00287 DSC00290 DSC00291 DSC00297 DSC00326

 



Recommended Articles