මල්ලි කොහොමද ගැහිල්ල


පසුගිය වසරේ ජූලි මාසයේ දී රූපවාහිනී සංවාදයකට පැමිණි දයාසිරි ජයසේකර සහ හරින් ප්‍රනාන්දු දෙදෙනා මහා රණ්ඩුවකට පැටළුනා කියලා ආරංචි ගියා. මේ දෙන්නා කිව්වේ නම් බැන ගත්තා විතරයි කියලයි. කොහොම වුණත් අවුරුද්දකට පස්සේ  සම්මුතිවාදී ආණ්ඩුවේ දෙන්නාම කැබිනට් ඇමතිවරු වුණා. 
පෙරේදා රේස්කෝස් පිටියේ පැවති ආසියාතික සත් සාමාජික රග්බි තරගාවලිය බලන්න මේ දෙදෙනාම ඇවිත් හිටියා. පිට්ටනියේ පිරිසක් රග්බි පන්දුවට පොරකද්දී මේ දෙන්නටත් පොරකෑම් මතක් වුණාද මන්දා.

 



Recommended Articles