මනාපය වෙනුවෙන්ද?


බස්නාහිර පළාත් සභාවට අදාළව කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් දේශපාලන පක්ෂ කිහිපයක් අද (05දා) පෙරවරුවේ නාමයෝජනා පත්‍ර භාරදුන්නේය. එහිදී සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් නාම යෝජනා පත්‍ර භාරදීමට එහි කණ්ඩායම් නායක  උදය ගම්මන්පිල මහතා පැමිණෙන අතරතුර පොලිස් නිලධාරියෙකුට අතට අත ලබාදෙමින් ‘මටත් මනාපයක් දෙන්න' යැයි කීවාද දන්නේ නැත.  

නාරාහේන්පිට පිහිටි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, එක්සත් ලංකා මහා සභාව ඇතුළුව දේශපාලන පක්ෂ 8ක් සහ තවත් ස්වාධීන කණ්ඩායම් 05 ක් නියෝජනය කරන කණ්ඩායම්වල නායක‍යන් විසින් නාමයෝජනා පත්‍ර භාරදීම අද සිදුකෙරිණි.

 

ජායාරූප ශමීර රාජපක්ෂ



Recommended Articles