මන්නාරමෙන් මුහුදු යන ධීවරයන්ට මේ දිනවල බෝල්ලු නැමති මාළු විශේෂය අසාමාන්‍ය ලෙස හසුවීමේ ප්‍රවණතාවක් මතුව තිබේ.ඒ අනුව දිනකට එම වර්ගයේ මාළු කිලෝ 25,000කට අධික ප්‍රමාණයක් තමන්ට හසුවන බව මන්නාරම් ධීවරයෝ පවසති.
මේ හේතුවෙන් බෝල්ලු මාළු කිලෝවක් මන්නාරමේදී රුපියල් 150ත්, 200ත් අතර මුදලකට විකිණීමට හැකියාව ඇතැයිද ඔවුහු පවසා සිටිති.
මෙම මුහුදු මාළු විශේෂය වැඩි වශයෙන් හසුවීම හේතුවෙන් මේ දිනවල මන්නාරම් ධීවරයන්ගේ අතමිට සරු වී තිබේ. වෙනදා මුහුදු ගමන් ගොස් ගතවන කාලයටත් වඩා දෙගුණයකටත් අඩු කාලයක් තුළදී විශාල මාළු තොගයක් ලැබීම තමන්ට මහත් අස්වැසිල්ලක් බව මන්නාරම් ධීවරයෝ පවසති.
මෙම මුහුදු මාළු විශේෂය ගැන ඉන්දීය ධීවරයන් දැනගතහොත් ඔවුන් ට්‍රෝලර් යාත්‍රාවලින් පැමිණ සිදුකරන මසුන් ඇල්ලීමේ ක්‍රමය මගින් තමන්ගේ මාළු ඉල්ලුම නැති කිරීමට බොහෝ විට ඉඩකඩ ඇති බවද ඔවුහු වැඩි දුරටත් පවසා සිටිති.