මන්ත්‍රීන්ට තෙදින වැඩමුළුවක්


ආංශික අධීක්ෂණ කාරක සභාවල කටයුතු පවත්වාගෙන යාම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් තෙදින වැඩමුළුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (15දා) පෙරවරුවේ ආරම්භ විය.

පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සහභාගි වන ආංශික අධීක්ෂණ කාරක සභා ලංකාවට අලුත් අත්දැකීමක් වන බවද වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

කථානායක කරු ජයසූරිය,විපක්ෂනායක ආර්.සම්බන්ධන්,පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක,එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රී පියෝනා මැග්නගාඩ් යන පිරිස මෙහිදී අදහස් පළ කළහ.

පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ඔවුන් සුහදව කතාබහකරමින් සිටින ආකාරයද  දැකගතහැකි විය.

ඡායාරූප ශමීර රාජපක්ෂ



Recommended Articles