බෙල්ජියමට IS ත්‍රස්ත ප්‍රහාර මාලාවක් - 34ක් නසී


(UPDATE) බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ ජනතාව ගැවසෙන ස්ථාන කිහිපයක් ඉලක්ක කරමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව නිසා මේ වනවිට පුද්ගලයන් 34 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

බෙල්ජියම් මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් සී.එන්.එන්. පුවත් සේවය පවසන්නේ බ්‍රසල්ස් නුවර සවෙන්ටම් ගුවන් තොටුපොළ පර්යන්තයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඉන් විනාඩි 79 කට පමණ පසුව මේල්බීක් මෙට්‍රෝ උමං දුම්රිය ස්ථානයක සිදුවූ පිපිරීමකින් තවත් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, මෙය බ්‍රසල්ස් හි යුරෝපා සංගම් මූලස්ථානය ආසන්නයේ පිහිටි බවත් විදෙස් වාර්තා පවසයි.

ගුවන් තොටුපොළ ඉලක්ක කළ ප්‍රහාරය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බව මේ වනවිට ආරක්ෂක අංශ තහවුරු කර ඇති අතර, ප්‍රහාරයේ වගකීමද IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් බාරගෙන තිබුණි.

මෙට්‍රෝ දුම්රිය ස්ථානයට එල්ල වූ ප්‍රහාරයේදී උමං දුම්රිය තුළ සිටි 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව බ්‍රසල්ස් නගරාධිපතිවරයා පවසයි. ඔහු පෙන්වාදෙන පරිදි ඉන් 17 දෙනෙකුගේ තත්ත්වය බරපතලය.

මීට අමතරව, බ්‍රසල්ස් ගුවන් තොටුපොළේ තිබී භාවිත නොකරන ලද මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් සොයාගෙන තිබූ අතර, එහි තිබී තුවක්කුවක්ද හමුවූ බව බෙල්ජියම් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙම ගුවන්තොටු පොළ පිටවුම් පර්යන්තයේ සිදුවූ ප්‍රහාරයෙන් 14 දෙනෙකු මිය ගොස් 81 ට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් මගින් පවසා තිබුණි.

මෙම පිපිරීම් සමග ගුවන්ගමන් ඇතුළු බ්‍රසල්ස් නුවර සියලු මගී ප්‍රවාහන සේවා අත්හිටුවා ඇති අතර, යුරෝපා කලාපය යා කෙරෙන යූරෝස්ටාර් දුම්රිය ගමන්ද අත්හිටුවා ඇත.

පසුගිය නොවැම්බර් මාසයේදී IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් විසින් පැරිස් නගරයට එල්ල කළ ප්‍රහාරයේ මහ මොළකරුවෙකු ලෙස සැලකෙන සලාහ් අබ්දේසලාම් බ්‍රසල්ස් නගරයේදී අත්අඩංගුවට පත්ව දින හතරකට පසුව මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

"අප පසුකරමින් සිටින්නේ වඩාත් අසීරු හා අභියෝගාත්මක කාලයක්. මේ අභියෝගයට අපි එක්ව මුහුණ දිය යුතුයි" යනුවෙන් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් බෙල්ජියම් අගමැතිවරයා පවසයි.

එමෙන්ම, මෙම ප්‍රහාරයෙන් පසුව විදෙස් නායකයන් ත්‍රස්තවාදය මුලිනුපුටා දමන බවට අවධාරණය කරන්නට වූ අතර, ඇමෙරිකානු ජනපති ඔබාමා, රුසියානු ජනපති පූටින්, ප්‍රංශ ජනපති හොලන්දේ, බ්‍රිතාන්‍ය අගමැති කැමරන් මෙන්ම, යුරෝපීය නායකයන් රැසක් වූහ.

බ්‍රසල්ස් යුරෝපා සංගම් මූලස්ථානය පිහිටි නගරය නිසා මෙම ප්‍රහාරය සමස්ත යුරෝපයම හෙල්ලුම් කෑ ප්‍රහාරයක් බවට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.


බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර ස්ථාන දෙකකට ත්‍රස්ත ප්‍රහාර දෙකක් එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පළමු ප්‍රහාරය ගුවන්තොටුපොළ පර්යන්තයක් වෙත එල්ල වී තිබෙන අතර දෙවැනි ප්‍රහාරය බ්‍රසල්ස් අගනුවර යුරෝපා සංගම් කාර්යාලය ආසන්නයේ ඇති දුම්රිය ස්ථානයකට එල්ල වී ඇති බවත් වාර්තා වෙයි.

මෙම ප්‍රහාරයෙන් 13 දෙනෙකු පමණ දැනට මිය ගොස් ඇති බවත් විදෙස් වාර්තා පවසයි.

_88889381_032112686-1 3272A59D00000578-3503928-image-m-62_1458635459082 3272A82700000578-3503928-Second_attack_Around_90_minutes_after_the_airport_blasts_there_w-m-69_1458635809253 3272AD2800000578-3503928-image-m-72_1458635833985 32726A9600000578-3503928-image-m-32_1458632474414

32726E7600000578-3503928-image-m-45_1458633847814

327257E500000578-3503928-Pictures_show_the_terminal_window_blown_in_from_the_force_of_the-a-17_1458632082606 3272923E00000578-3503928-image-m-58_1458634700481 3272981F00000578-3503928-image-m-65_1458635527585 3272581400000578-3503928-Two_explosions_have_been_heard_at_Brussels_Airport_it_was_claime-a-15_1458632082516 3272583000000578-3503928-Pictures_show_the_terminal_windows_blown_out_from_the_force_of_t-a-18_1458632082613 3272638100000578-3503928-image-m-29_1458632411621



Recommended Articles