බෙන් ස්ටෝක්ස් එංගලන්තයට තරගාවලි ජය කලින්ම ගෙනෙයි


බෙන් ස්ටෝක්ස් ගේ අගනා පිතිහරඹය හේතුවෙන් සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සමග සවුතැම්ටන් හිදී අද (27) පැවති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය.
මේ සමගින් තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය හිමි කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු  අප්‍රිකානු ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත ක්‍රීඩකයෝ පන්දුවාර 50 අවසනදී කඩුළු 6 ක් දැවී ලකුනු 330 ක් රැස් කළහ.

එහිදී බෙන් ස්ටෝක්ස් සිය මංගල එක්දින ශතකය රැස් කරමින් ලකුණු 101 කට දැවී ගියේ පන්දු 79 කදී හතරේ පහර 11 ක් හා හයේ පහර 3 ක් වාර්තා කරමිනි.

කෙසේ වෙතත් පිතිකරුවන්ගේ තරගයක් බවට පත් වූ මෙහි ලකුණු 331 ක් හඹා යාමට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානුවන්ට සිය පන්දුවාර 50 අවසනදී කඩුළු 5 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 328 ක් පමණි.

ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් ලකුණු 98ක් රැස් කළ අතර ඉනිමේ අවසන් භාගයේදී ඩේවිඩ් මිලර් පන්දු 51 කදී නොදැවී ලකුණු71 ක් වාර්තා කළද එය ඔවුන්ගේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.  තරගයේ  වීරයා සම්මානය බෙන් ස්ටෝක්ස් ට හිමි විය.



Recommended Articles