ඇමෙරිකාව ලෝකයේ තියන හොඳම දේවල් අරගෙන ස්වයං පෝෂිත වෙනව කියලා තමා කවුරුත් කියන්නේ. අපේ රට අල්ල ගන්නත් ඇමෙරිකාව උනන්දුයි කියලනේ සමහරු කියන්නේ. කොහොම වුණත් මේ දවස්වල ලංකාවේ සංචාරය කරන ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් ඊයේ පොළොස් ඇඹුල උයන්න ඉගෙන ගත්තා. වෙන කාගෙන්වත් නෙවෙයි ලෝකයම දන්න අපේ පබිලිස් සිල්වා සූපවේදියාගෙන්.
ඇමෙරිකානු රජයේ බලවතෙක් පොළොස් ඇඹුලෙ රසත් දැනගෙන උයන්නත් ඉගෙන ගත්තට පස්සෙ හෙට අනිද්දට අපේ කොස් ගස් ඇමෙරිකානු ආක්‍රමණිකයාගෙන් බේරා ගනිව් කියලා පෙළපාළි යන්නත් වේවිද මන්දා. බිස්වාල් නෝනා මේ විදියට පොළොස් උයන්න ඉගෙන ගත්තේ රූපවාහිනියේ නුගසෙවන විශේෂ වැඩසටහනකට ඇවිල්ලා. මේ වැඩසටහන ඉදිරියේ දී විකාශය වීමට නියමිතයි.
ඡායාරූප ගිතාංක අරඹේවෙල