බියගම පොසොන් උදානය


පොසොන් පොහොය නිමිති කරගනිමින් රුවන් විජයවර්ධන බෞද්ධ පදනම සංවිධානය කරනු ලබන බියගම පොසොන් උදානය ආගමික වැඩසටහන අද (02දා) ආරම්භ විය.

පෙරවරුවේ  ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන අමාත්‍යතුමා විසින් ගංඟාරාම විහාරස්ථානයෙන් කේශ ධාතූන් වහන්සේලා පිළිගෙන , බියගම , සියඹලාප ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය විහාරස්ථානය දක්වා පෙරහැරින් වැඩමකරවන ලදි. 

බියගම‍ පොසොන් කලාපයඑළැඹෙන 04දා තෙක් පැවැත්වේ. පොසාන් කළාපයට සමගාමීව දන්සල් , තොරණ සහ වෙසක් කූඩූ , සංස්කෘතික සංදර්ශන ආදී ආගමික කටයුතු රැසක් පැවැත්වේ.



Recommended Articles